පාසල පිළිබඳ ඉතිහාසය
පළමුවන පරිච්ඡේදය
වසර 05 ක අ.පො.ස(සා.පෙළ) ප්‍රතිඵල
හැඳින්වීම
1.0 පාසල පිළිබඳ ඉතිහාසය
දකුණු
ආසියාවේ විශාලතම ද්විතික පාසල් ලෙස හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය 2011 ජනවාරි
20 වන දින දැයේ දරුවන්ට දායා ද වූ අනගි වස්තුවකි.හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26
සුන්න්දර භූමි භාගයක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාලන කාලයේ ක්‍රියාත් මක
වූ මහින්ද චින්තන දැක්මට අනුව ද්විතීක පාසල් දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රථම
පාසල් ලෙස මෙය ආරම්භ විය.වසර 12ක් වැනි කෙටි කාලයක ගමන් මඟකට උරුමකම් දක්වන මහින්ද
රාජපක්ෂ විද්‍යාලය ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල වීම ද
විශේෂත්වයකි.
එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ වත්මන් ප්‍රවාහන අමාත්‍ය
බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දකුණු ආසියාවේ විශාලතම ද්විතීක ආදර්ශ පාසල්
වූ මෙය සෑම සමාන්තර ශ්‍රේණියකම පන්ති කාමර 17 දක්වා පවත්වා ගෙන යාමට හැකි විය.දැනට
සිසුන් 7000 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන පාසලේ ගුරුමණ්ඩලය 293 කි.අනධ්‍යන සෙවක
සංඛ්‍යාව 40 කට ආසන්න ය.අපූරව අධ්‍යාපනික ඉලක්ක ජය ගැනීමේ අරමුණින් ආරම්භ වූ මෙම
පාසල් ආරම්භයේ සවස 3.30 දක්වා පාසල් පැවැත්වීමෙන් මෙරට පසල් පද්ධතියට නවම
අත්දැකීමක් එක් කළේ ය. 2011 වසරේඑ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහලපතිවරයාව සිටි
අධ්‍යාපන පද්ධතියෙහි ගෞරවනීය නාමයක් දරා සිරි එච්.එන්.ද. සිල්වා මහතා පාසලේ ආරම්භක
නීයමුවා ලෙස මහත් කැප වීමක් සහ ඉහළ කළමනාකරණ කාර්යයකට මූලික වූ විදුහල්පතිවරයෙකු
ලෙස සඳහන් කළ හැකිය.එතුමාගෙන් පසුව 2015 වසරේ සිට මේ දක්වා වත්මන් විදුහපති
එම්.ආර්.ඩී.කේ.ගුණරත්න මහතා මහින්ද රාජපක්ෂ විද්‍යාලය දිනෙන් දින ජයග්‍රාහී මාවතකට
ඔසවා තබමින් ඉහළ කළමනාකාරීත්වයකින් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන විදුහල්පති භූමිකාවක්
ක්‍රියාත්මක කරයි.
කොරියානු රජයේ
විශාල අනුග්‍රාහකත්වයක් ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් පන්ති කාමරය ලෙස මහින්ද
රාජපක්ෂ විද්‍යාලයේ ස්ථපිත කරන ලදී.ඉන්දියානු
තක්රාල් සමාගම විසින් පරිත්‍යාග කරන ලද පරිගනක විද්‍යාගාර , ඉංග්‍රීසි කතා
කරන පරිගනක විද්‍යාගාරය සහ තාක්ෂණික පීඨය දිවයිනේ පසල් කිසිවකම දක්නට නොමැති
සුවිශේෂී ඉගෙනුම් මධ්‍යස්ථාන ලෙස සඳහන් කළ හැකිය. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්
දරුවන් පමණක් පාසල තුළට කඩ ඉම් ලකුණු මත ඇතුලත් කර ගැනීම සිදු වන අප පාසල වටිනා
විදු බිමකි.2022 වර්ෂයේ දිවයිනේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හෝමාගම
මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් 763 දෙනාම සමත් වීම විශේෂත්වය කි.එය පහත සදහන් වේ.
· 9A සිසුන් 95
· 8A සිසුන්
94
· 7A
සිසුන් 89
§ ජපන්
භාෂා විෂය පෙනී සිටි සිසුන් 71 කි.සියලු දෙනාම සමත් වී සාමාර්ථ 15 ක් ලබා ගෙන ඇත.
§ කොරියන්
භාෂාව විෂයට පෙනී සිටි සිසුන් 73 කි.සියලු දෙනාම සමත් වී ඇත.
§ ඉංග්‍රීසි
මාධ්‍යයෙන් සිසුන් 92 ක් විභාගයට පෙනී සිටි අතර 9A සාමාර්ථ 17 ලබා
ගෙන ඇත.
කොවිඩ්
සමයෙහි අ
න්තර්ජාලය හරහා ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු පහසු නොවී ය.නමුත් විදුහල්පති ,
නියෝජ්‍ය විදුහල්පති , සහකාර විදුහල්පති , අංශ ප්‍රධාන හා ගුරු දෙමාපියන්ගේ
උත්සාහය සහ කැපවීම මත විශිෂ්ට ප්‍රතිඵලයක් සිසුන්ට ගැනීමට හැකි විය.
පාසලේ පිහිටීම
1.0 ඉහළ හැකියාවක් පෙන්වන විෂය බාහිර ක්‍රියාකාරකම්
මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාසල් ක්‍රීඩා 20 ක්
පමණ ක්‍රියාත්මක වේ.විවිධ සංගම් 40 ක් පමණ ක්‍රියත්මක වේ.දැනුම , කිසලතා හා ආකල්ප
තුළින් ගුණ නැණ සපිරි දරුවකු සමාජයට , රටට , ලොවට දායාද කිරීමට පාසලේ ක්‍රියාත්මක
වන විෂය සමගාමී ක්‍රියාකාරකම් ඉතා වැදගත් වේ.පරිසර නියමුවන් 450 ක පමණ කණ්ඩායමක්
සිටින එකම පාසල ද මහින්ද රාජපක්ෂ විද්‍යාලය යි.ක්‍රිඩා හා විවිධ හැකියාවලින් දෙස්
විදෙස් දක්ෂතා දක්වමින් ජයග්‍රහණ හිමි කර ගැනීමට සිසුන්ද පාසලට මහත් සම්පතකි. අධ්‍යාපනික
, මානව ආදී හැකියාවන් වර්ධනය පිළිබඳ විශේෂඥයින් පාසලට ගෙන්වා සිදු කරන හැකියා ,
කුසලතා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් හා වැඩමුළු ක්‍රියාවට නැංවීම පාසලේ විශේෂතාවයකි.අතීතයේ
සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කොතරම් මඟ හැරුණ ද කාලච්ඡේද වලින් මිනිත්තු
කිහිපයක් එකතු කර අලුත් උදෑසන කියවීම වේලාවක් ලබා ගෙන ඇත්තේ ද විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකට පමණක්
සීමා නොවූ විවේචනාත්මක චින්තන කුසලතා වර්ධන කිරීමට සිසුන්ට අතිශයින් ප්‍රයොජනවත්
විය.
1.0.1 පරිසර නියමුවන්
2015 වර්ෂයේ දී පාසලේ අරම්භ කළ පරිසර නියමු
කණ්ඩායම සිසුන් 75 ක ගෙන් සමන්විත විය.පාසලේ විෂය සමගාමී ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක
වන පරිසර නියමුවන් පාසල් අලංකරණ කටයුත්ත මෙන්ම පරිසර සුරැකීමේ අනගි මෙහෙවරක නිරත
වේ.නියමු පදක්කමෙන් ආරම්භ වී දැනට ජනාධිපති පදක්කම දක්වා සුදුසුකම් ලබා සිටින
සිසුන් ද ඒ අතර වේ.2022 වර්ෂයේ දී පාසලේ පරිසර කණ්ඩායම සිසුන් 450 ගෙන් සමන්විත
වේ.ලංකාවේ පාසල් වලින් වැඩිම පරිසර නියමුවන් සංඛ්‍යාවක් සිටින පාසල් වීම ද
මහින්දීයන්ගේ අභිමානයකි.
1.1 සහන වියන
පාසලේ
විවිධ හැකියාවන් හා දක්ෂතාවයන් ඇති දරුවන් අතර විවිධ ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් ද
අධ්‍යාපනයෙන් එතෙර දැකීමට වෑයම් කරමින් සිටී. මේ සියලුම දෙනා මහින්දීය දරුවන් යැයි
තේමා කර ගනිමින් ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන දරුවන්ට රැකවරණයක් ලබා දීමට පාසල්
මෑණියන් දෑත දිගු කර ඉදිරිපත් විය. ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් ගේ දෙමාපියන්ට ජුකී
මැෂින් හා බ්ලොග් ගල් යන්ත්‍ර ලබා දීමට පාසල සමත් විය. මේ වන විට ජුකී යන්ත්‍ර 24 ක්
සහ බ්ලොග් ගල් යන්ත්‍ර 12 ක් ලබා දීමේ කාර්ය ඉටු කිරීමට පාසල් කලමනාකාරීත්වය සමත්ව
ඇත. ඒ අතරට ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට සෙවන සැපයීමට පාසලේ ආංශික මට්ටමින් ක්‍රියාත්මක
වන “සහන සෙවන”විශේෂ කාර්යක් හා සෙවනක් සපය යි.දෛනික ආහාර පාන, ඇදුම් පැළදුම්, පොත්
පත් ආදී ලිපි ද්‍රව්‍ය දරුවන් ගේ අවශ්‍යතාවය මත සපයා ගැනීමට පාසල කටයුතු කර ඇත.
නිරවුල් මනසකින් අධ්‍යාපන කාර්යයෙහි නිරත වීමට හා දරුවන්ට සවිය ලබා දීමට ඉහත සදහන්
වටිනා ක්‍රියාවන් සිදු කිරීමට පාසලේ සැලසුම් සහගත ක්‍රියාත්මක වීම විශේෂත්වය කි.
දෙවන පරිච්ඡේදය
2.0 වසර 05 ක අ.පො.ස සා.පෙළ විශ්ලේෂණය
2.3 අ.පො.ස (සා.පෙළ) ප්‍රතිඵල විශ්ලේෂණය - 2018
1.0
වසර 5 තුළ අ.පො.ස.
සා.පෙළ විභාග සඳහා පෙනී සිටි සිසුන්, සමත් සිසුන් ගණන හා සමත් වීමේ ප්‍රතිශතය
තුන්වන පරිච්ඡේදය
1.0 සමාලෝචනය
2022-2023 අධ්‍යාපනපති(කලමනාකරණ)පාඨමාලාවේ
තොරතුරු තාක්ෂණය විෂයෙහි නිබන්ධන කටයුතු සදහා මෙම වාර්ථා සකස් කර ඉදිරිපත් කරන ලදි.මෙහි
දී මා සේවය කල පාසල වන බප/හෝ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අ.පො ස.(සා.පෙළ)ප්‍රතිඵල ඉලක්ක
කර ගතිමි. වසර 5 ක විභාගය පෙනී සිටි සිසුන්, සමත් වූ සිසුන් හා එහි ප්‍රතිශතය ලබා
ගැනීම සදහා අවශ්‍ය දත්ත ඇතුළත් කරමින් ප්‍රගති සමාලෝචන කාර්ය සිදු විය. පාසලේ ඉගෙනුම්
ඉගැන්වීම් ක්‍රියාවලිය, විෂයසමගාමී කටයුතු ද ඇතුළත් පාසලේ අභ්‍යන්තර ප්‍රජාව හා බාහිර
ප්‍රජාවගේ බලපෑම කෙසේ ද? එය තව දුරටත් සංවර්ධනය විය යුතු ද? ආදී තීරණ සදහා යොමු වීමට
හැකියාව ලැබේ.පාසලේ කලමනාකාරීත්වය,ගුරුවරුන් ගේ කැපවීම, සිසුන් ගේ වගකීම හා උනන්දුව
මෙම දත්ත හා තොරතුරු තුළින් පැහැදිලිව ඉදිරිපත් කළ හැකිය.
විෂය සමගාමී ක්‍රියාකාරකම්
Comments
Post a Comment